සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද (28) පැවැත් වීමට නියමිතයි.

යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ.

එම තාක්ෂණික වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනෙනු ඇති.

රජය වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් තිස් පන්දහසක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගියදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනයෙන් අනතුරුව මෙම කමිටුව පත් කෙරිණ.