එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ ඉල්ලීමට මැතිවරණ කොමිසමෙන් ඉඩක්

එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ ඉල්ලීමට මැතිවරණ කොමිසමෙන් ඉඩක්

පුද්ගලික අංශයේ රැකියාවෙහි නියුතු නමුත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට එම ආයතන මගින් කිසිදු නෛතික පදනමකින් තොරව එම සේවකයන්ගේ දේශපාලනයට පිවිසීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය පසුගිය පෙබරවාරි මස 05 වැනිදා මැතිවරණ කොමිසම හමුවට ගොස් තිබේ.

එහිදී, එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය විසින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා හමුවී සාකච්ඡා කර යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කොමිසම විසින් කම්කරු කොමසාරිස්වරයා වෙතද මෙම යෝජනා සහ අදහස් යොමු කරන බවත් ඒ හරහා හාම්පුතුන්ගේ සංගමය වෙත ද මෙම යෝජනාවන් ඉදිරිපත් කරන බවටත් වූ පොරොන්දුව ඉටු කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී ඒකනායක මහතා විසින් කම්කරු කොමසාරිස්වරයා වෙත නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරමින් ලිඛිතව ලිපියක් යොමු කර ඇත.

මෙය එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය ලෙස ලබාගත් විශේෂ ජයක් බවත් මෙම වැඩපිළිවෙල මෙතැනින් අවසන් නොකොට මෙහි මීළඟ අදියර ලෙස කම්කරු කොමසාරිස්වරයා ද හමුවීමට බලාපොරොත්තු වන බවයි, ඔවුන් නිවේදනය කරන්නේ.

එසේම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන් දැනුවත් කිරීමට ද අපේක්ෂා කරන බවයි, ඔවුන් නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.