ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැකි අතර උතුරු සහ උතුරු-මැද පළාත් වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොටසහ මොනරාගල දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.