අධිවේගී මාර්ගයෙන් STF සෙබළු ඉවත්කර රක්නා ලංකා නිලධාරීන් යොදවයි

අධිවේගී මාර්ගයෙන් STF සෙබළු ඉවත්කර රක්නා ලංකා නිලධාරීන් යොදවයි

අධිවේගී මාර්ගයේ සේවය කළ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අද (11) සිට ඉවත්කර ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.

අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවලදී ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ කටයුතුවල නිරත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් ඉවත් කරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට මීට මාස කිහිපයකට ඉහතදී ලිඛිතව දන්වා තිබිණි.

මේ වන විට මුළු අධිවේගී මාර්ග කොට්ඨාසේම ගැලනිගම, සීදුව, කුරුඳුගහ හැතැක්ම, පින්නදූව හා සූරියවැව ආදී කඳවුරු පහක පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් 200කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යොදවා තිබුණි.