දොළොස්දාහක බිලට පොහොට්ටු මන්ත්‍රීගේ ගෙදර ලයිට් කපලා

දොළොස්දාහක බිලට පොහොට්ටු මන්ත්‍රීගේ ගෙදර ලයිට් කපලා

කිසිදු දැනුම්දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.

තමාට ගෙවීමට තිබුණේ ගිය මාසයට අදාළ රුපියල් 12000 ක බිලක් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයෙකුගේ නිවසේ විදුලිය දැනුම් දීමකින් තොරව විසන්ධි කරන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ නිවෙස් වල විදුලිය විසන්ධි කරන ආකාරය සිතාගත හැකි බවද ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් තමා කණගාටුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

“මම මරණ ගෙවල් ගණනාවක ගිහිල්ලා, රැස්වීම් ගණනාවක ගිහිල්ලා උදේ ගෙදර එනකොට ගෙදර ලයිට් ටික කපලා. කිසිදු දැනුම් දීමක් නැහැ. මට මෙහෙම කරනව නම් සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට කොහොම කරනවා ඇති ද? විශේෂයෙන් ම විදුලි බල මණ්ඩලයට වගවීමක් නැද්ද?” යනුවෙන් සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙවැනි සිදුවීම් තුළින් සමාජ ගත වන පණිවිඩය ඉතා ම හානිකර එකක් බවයි.

Share This