ශ්‍රී ලංකාවට කඩුලු 10ක සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 10ක සුපිරි ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඕමානය අතර තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 30යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 98 ක් ලබාගත්තේය.

ඕමාන කණ්ඩායම වෙනුවෙන් Ayaan Khan ලකුණු 41ක් සහ Jatinder Singh ලකුණු 21ක් ලබාගත්හ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 5 ක්, ළහිරු කුමාර කඩුලු 3 ක් හා කසුන් රාජිත එක් කඩුල්ලක් බැගින් බිඳ හෙළීමට සමත් විය.

එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු වාර 15ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් රැස්කළේය. පන්දු 51කට මුහුණදුන් දිමුත් හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 61ක් රැස්කරගැනීමට සමත්විය.

පැතුම් නිස්සංක පන්දු 39කදී නොදැවී ලකුණු 37ක් රැස්කළේය.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය අයර්ලන්තය සමග ලබන 25 වනදා බුලවායෝහිදීයි පැවැත්වීමට නියමිතයි.

Share This