ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක්

ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීමේ නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදීමට එකඟතාවය පළකර ඇත.

මෙරට දිළිඳු හා අවදානමට ලක්වූවන්ට වඩා හොඳ ආදායමක් සහ ජීවනෝපායක් ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මෙම අරමුදල් යොදා ගන්නා බව බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

අස්වැසුම සුබ සාධන ගෙවීමට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 185ක් ද, තෝරාගත් ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිමත් කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහාය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 7ක් ද, සමස්ත ව්‍යාපෘතිය කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6ක් ද වශයෙන් සංරචක තුනක් යටතේ එම මුදල ලබාදීමට නියමිතය.

Share This