T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි පුහුණු තරඟය අද

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි පුහුණු තරඟය අද

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි පුහුණු තරගය අද (31) අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙයි.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00ට අමෙරිකාවේ ලවුඩර්හිල්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු පුහුණු තරගය නෙදර්ලන්තය හමුවේ ලකුණු 20 කින් පරාජයට පත්විය.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අනිද්දා ආරම්භවීමට නියමිත අතර, ශ්‍රී ලංකාව ඩී කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.