රජයේ විශේෂ කණ්ඩායමක් රුසියාවට

රජයේ විශේෂ කණ්ඩායමක් රුසියාවට

රුසියානු – යුක්රේන යුද්ධය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් නිදහස් කිරීමේ අරමුණින් ලබන මස මුල් සතියේ විශේෂ කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා.

ඒ මෙරට රුසියානු තානාපතිවරයා සමඟ ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කළ නුගේගොඩ පිහිටි විදේශ රැකියා ආයතනයේ හිමිකරු සහ එහි කළමනාකරු ලබන මස 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.