පුදුකුඩිඉරිප්පු ළිදකින් ගුවන් යානා නාශක උණ්ඩ 992ක් හමුවෙයි

පුදුකුඩිඉරිප්පු ළිදකින් ගුවන් යානා නාශක උණ්ඩ 992ක් හමුවෙයි

මුලතිව්, දේවිපුරම් ප්‍රදේශයේ ළිදක තිබී ගුවන් යානා නාශක උණ්ඩ 992ක තොගයක් පුදුකුඩීරිප්පු පොලීසිය විසින් අද (10) සොයාගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, අදාළ ලිඳ පිහිටි ඉඩමේ හිමිකරු ළිද සුද්ද කිරීම සදහා සූදානම් වූ අවස්ථාවේදී ඒ තුළ ටකරම් පෙට්ටියක බහා තිබීයදි මෙම උණ්ඩ තොගය හමුවූ බවයි.

පසුව ඔහු මේ සම්බන්ධයෙන් පුදුකුඩුඉරිප්පු පොලිසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව එම ගුවන් යානා නාශක උණ්ඩ ගොඩගෙන තිබේ.

අනතුරුව, පොලිසිය විසින් ඒ පිළිබදව වාර්තාවක් මුලතිව් අධිකරණය වෙත ද ඉදිරිපත් කර ඇත.

මෙම ගුවන් යානා නාශක උණ්ඩ ජීව තත්ත්වයෙන් පවතින බවත් ඒවා යුද සමයේදී ත්‍රස්තවාදී සාමාජිකයන් විසින් භාවිතා කළ ඒවා බවටත් පොලිසිය සැක කරයි.

කෙසේ වෙතත්, මුලතිව් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව ගුවන් යානා නාශක උණ්ඩ පුපුරවා විනාශ කිරීමටයි, පුදුකුඩීඉරිප්පු පොලිසිය පියවර ගෙන තිබුණේ.