ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 343 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (04) පැවසීය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 137 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 63 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කියා සිටියේය.

එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3470 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1393 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 650 දක්වා ද වැඩි වූ බවත් මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,127 ක ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,256 ක ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 587 ක ද, පැවතුණි.

Share This