ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ලංසු කැඳවීම කල්යයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ලංසු කැඳවීම කල්යයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීම කල්ගොස් තිබේ.

ඒ අනුව, අද දින සිදුකිරීම නියමිතව තිබූ ලංසු කැඳවීම දින 45කින් කල්දැමීමට සිදු වූ බවයි, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මේ අතර ශ්‍රීලන්කන් ගුවන් සමාගම පියවිය යුතු ණය ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා පැවසීය.