ආදුරුප්පුවීදිය පොලිස් වසමේ වෙඩිතැබීමක්

ආදුරුප්පුවීදිය පොලිස් වසමේ වෙඩිතැබීමක්

ආදුරුප්පුවිදිය පොලිස් වසමේ දී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු තවත් පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් තිබේ.

මෙලෙස වෙඩි තබා ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි ජෝජ්රාජ් ධනුෂ්රාජ් නමැති 26 හැවිරිදි පුද්ගලයෙකුටයි.

වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් දෙදෙ⁣නාගෙන් එක් සැකකරුවෙකු යතුරු පැදිය සමග වෙරළබඩ පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ආදුරුප්පුවිදිය පොලිසිය වෙත භාරදී තිබේ.

සැකකරුවන් වෙඩිතැබීමට භාවිතා කළ පිස්තෝල අවියද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, අනෙක් සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

වෙඩිවැදීමෙන් තුවාල ලැබු සැකකරු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Share This