වතුකරයේ ජනතාවට සුබ පණිවුඩයක්

වතුකරයේ ජනතාවට සුබ පණිවුඩයක්

වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ තවත් අදියරක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සිව්වන අදියර යටතේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක් පුරා නිවාස 1300ක් ඉදිකිරීමට නියමිතය.

මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වූහ.