ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන කුළුදුල් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද – කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන කුළුදුල් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද – කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) කොළඹ එස්.එස්. ඊ ක්‍රිඩාංගනයේදී පැවැත්වෙයි.

2024 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වේ.

එමෙන්ම, දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වෙයි.

මෙම තරඟයේදී, ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙහෙයවනනේ හෂ්මතුල්ලා ශහීඩි ය.

තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තානය වෙත ලබාදුනි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ප්‍රකාශ කළේ, මීට පෙර ටෙස්ට් තරඟ 07කට පමණක් ක්‍රිඩා කර ඇති තම කණ්ඩායම ප්‍රබල ශ්‍රී ලංකාව හමුවේ තියුණු තරඟයක් ලබාදීමට බලාපොරොත්තු වන බවය.

මෙම තරගයේදී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.