වනිඳුට අද ලෝක වාර්තාවක් තැබීමට අවස්ථාවක්

වනිඳුට අද ලෝක වාර්තාවක් තැබීමට අවස්ථාවක්

එක්දින ක්‍රිකට් පිටියේ විශේෂිතම ලෝක වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව ශ්‍රි ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ලැබී තිබේ.

ඒ, එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග හතරකදී පිට පිටම කඩුලු පහ බැගින් දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව අද දිනයේදී ලැබී ඇති හෙයිනි.

වනිඳු හසරංග අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරග තුනේදී කඩුලු පහ බැගින් දවාගෙන ඇති අතර මීට පෙර එම දක්ෂතාව දක්වා තිබුණේ පාකිස්තානයේ වකාර් යුනිස්ය.

ස්කොට්ලන්තය සමග අද පැවැත්වෙන තරගයේදී වනිඳු කඩුලු පහක් දවාගතහොත් එක්දින පිටියේ තරග හතරකදී පිට පිටම කඩුලු පහ බැගින් දවා ලෝකයේ එකම හා පළමු පන්දු යවන්නා බවට වනිඳු ඉතිහාස ගත වෙනු ඇත.

Share This