පනත්කෙටුම්පත් 02 කට කථානායකවරයාගේ සහතිකය

පනත්කෙටුම්පත් 02 කට කථානායකවරයාගේ සහතිකය

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 02ක් සඳහා ඊයේ (20) කථානායකවරයා සිය සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් වලට කථානායකවරයා සිය සහතිකය සටහන් කොට තිබේ.

ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 15 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත සහ 2024 අංක 16 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස ඊයේ (20) සිට බලාත්මකවේ.