පිස්සෙක් මුලතිව් කෝකිලායි බුදු පිළිමය පෙරලා දමයි

පිස්සෙක් මුලතිව් කෝකිලායි බුදු පිළිමය පෙරලා දමයි

මුලතිව් කෝකිලායි මෝය ප්‍රදේශයේ ඉදිකර තිබූ කුඩා බුදුමැදුරකට හා බුදු පිළිමයකට හානිකළ අයෙක් අත්අඩංගුවට ගත් බව කෝකිලායි පොලීසිය පවසයි.

අදාල බුදුමැදුරට කිසියම් පුද්ගලයෙකු විසින් හානිකරන බවට කෝකිලායි පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් සිදුකල පරික්ෂණයකදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ සිට කෝකිලායි ප්‍රදේශයට මසුන් ඇල්ලීම සදහා පැමිණ සිටි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු විසින් බුදුමැදුරේ බිත්ති කිහිපයකට හානිකර ඇති අතර බුදු පිළිමය බුදුමැදුරෙන් ඉවතට ගෙන පෙරලා දැමීමෙන් බුදුපිළිමයටද හානි සිදුව ඇත.

අදාල ක්‍රියාව සිදුකල පුද්ගලයා එලෙස හානි කිරීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම කිසියම් මානසික ආතතියකින් පෙළෙන අයෙකුද යන්න පිළිබඳව සැක සහිත බවටද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව උඩප්පු ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බව පරික්ෂණ සිදුකරන කෝකිලායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Share This