දකුණු පළාතට හෙට ශෝක දිනයක්

දකුණු පළාතට හෙට ශෝක දිනයක්

හිටපු අමාත්‍ය රොනී ද මෙල්ගේ අවසන් කටයුතු සිදු කරන හෙට (01) දිනය දකුණු පළාත සඳහා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ පවසයි.

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මෙල් දකුණු පළාත තුළ රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළේය.

1977 වසරේ දෙවිනුවර ආසනයෙන් පාර්ලිමේන්තුවට පත්ව, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය ධූරය දරමින් ශ්‍රී ලංකාවට නිදහස් වෙළෙඳ ආර්ථිකයක් හඳුන්වා දීම සඳහා පුරෝගාමීයෙකු ලෙස කටයුතු කළ ඔහු දකුණු පළාතින් බිහි වූ දේශපාලඥයෙකි.

ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති හෙට දිනයේ දකුණු පළාත තුළ සියලු ම රාජ්‍ය අයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලීමක් කර තිබේ.