සැකකටයුතු ලෙස ගිනිතැබූ යතුරුපැදියක් හමුවෙයි

සැකකටයුතු ලෙස ගිනිතැබූ යතුරුපැදියක් හමුවෙයි

ඊයේ (28) දිනයේ ඌරගස්මංහන්දිය හොරවල ප්‍රදේශයේ සෝදිසි කිරීම් සිදුකිරීම් අතරතුර කරිජ්ජවේල්ල, කටවල්පහ වේල්ල අසල චැසි අංක මකාදාමා ගිනිතැබූ යතුරුපැදියක් සොයාගත් බව පොලිස් විමර්ශන නිලධාරින් පැවසීය.

පසුගිය දිනෙක කරන්දෙනිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර විතානච්චි මහතා වෙඩිතබා ඝාතනයට පැමිණ තිබුණේද ස්කූටර් වර්ගයේ යතුරුපැදියකිනි.

පොලීසිය සැක කරන්නේ, පසුගිය දින කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයට හෝ අපරාධයක් සිදුකිරීම සඳහා භාවිත කළ යතුරුපැදියක් මෙලෙස ගිනිතබා විනාශ කරන්නට ඇති බවය.