HIV නව ආසාදිතයින් වාර්තා වීම ඉහළට

HIV නව ආසාදිතයින් වාර්තා වීම ඉහළට

HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

පසුගිය වසරේ දී නව ආසාදිතයින් 694 දෙනෙකු හඳුනාගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළාය.

ඉන් 611 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 88ක් බවත් ඇය පැවසුවාය.

2022 වසරේදී ද නව HIV ආසාදිතයින් 607දෙනෙකු වාර්තා වී තිබුණි.