න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය

න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය

න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳව ගිවිසුමට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස 2001 දෙසැම්බර් මස 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.

ඒ අනුව, 2023 සැප්තැම්බර් මාසයේදී නිව්යෝක්හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා රැස්වීමට සමගාමීව එකී ගිවිසුමට අදාලව පවත්වනු ලබන උත්සවයේ දී ශ්‍රී ලංකාව විසින් න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share This