ප්‍රමිතියෙන් තොර සබන් භාවිතයෙන් බිළිදුන්ගේ සමේ සංකූලතා

ප්‍රමිතියෙන් තොර සබන් භාවිතයෙන් බිළිදුන්ගේ සමේ සංකූලතා

ප්‍රමිතියෙන් තොර බාල සබන් ආලේප කිරීම නිසා බිළිදුන්ගේ සමේ විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා මහත්මිය පවසන්නීය.

ඒ මහත්මිය පවසා සිටියේ වර්තමාන ආර්ථික තත්ත්වය මත දෙමව්පියන් තම දරුවන්ට ප්‍රමිතියෙන් තොර සබන් භාවිතයට යොමු වී ඇති බවයි.

එමෙන්ම එය අනාගතයේදී දැඩිව බලපෑමකට ලක්වන බවද එම මහත්මිය සඳහන් කර සිටියා.

ප්‍රියංගනී සුසංගිකා මහත්මිය අවධාරණය කර සිටියේ දරුවන් සඳහා සබන් වර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් වියයුතු විශේෂම කරුණ වන්නේ ඒවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිකුත් කළ සහතිකය සහිත බේබි සබන් වර්ගයක්ද යන්න නිර්දේශ කොට ඇතිද යන්න සොයාබැලිය යුතු බවයි.

බිළිඳු සම ඉතාම සංවේදී බැවින් දෙමව්පියන් ආර්ථික මට්ටම හමුවේ ප්‍රමිතියෙන් තොර සබන් භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි ප්‍රියංගනී සුසංගිකා මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share This