ලබන 10 වනදාට පෙර බෝනස් දෙන්නැයි ලංකා විදුලි සේවක සංගමය ඉල්ලයි

ලබන 10 වනදාට පෙර බෝනස් දෙන්නැයි ලංකා විදුලි සේවක සංගමය ඉල්ලයි

තම ආයතනය ලාභ ලබන තත්වයට පත්ව ඇති බැවින් ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබා දීමට කටයුතු කරන මෙන් ලංකා විදුලි සේවක සංගමය, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමයේ ලේකම්, රංජන් ජයලාල් ලංකා මහතා සඳහන් කර ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලය පාඩු නොලබන බවත් එය පාඩු ලබන තත්ත්වයට පත් කළ ආයතනයක් බවයි.

එම තත්වයට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදීම වෙනුවට එය ආයතනයට පාඩු නොකළ සේවකයන් මත පැටවූයේ ප්‍රසාද දීමනාව ලබා දිය නොහැකි යන්න පැවසීමෙන් බවයි, ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් වැඩිදුරටත් කියා සිටියේ, අදාළ ප්‍රසාද දීමනාව ලබා දීමේ දී සියලු සේවකයින් හා නිලධාරීන්ට සමාන මුදලක් ලබා දීමට ද කටයුතු කළ යුතු බවයි.