මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූයේ මවුලානා – මට එවැනි සම්බන්ධකම් තිබුණේ නෑ – පිල්ලෙයාන්
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති සහ දැනට දෙමළ මක්කල් විදුතලෙයි පුලිකල් පක්ෂයේ (TMVP) නායකත්වය දරන පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ඔහුගේ හිටපු මාධ්‍ය ලේකම් අසාද් මවුලානා විසින් කරන ලද ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ගාඩියන් පුවත්පත සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා තිබේ.
තමන් බෝම්බකරුවන් සමඟ සම්බන්ධ බවට මවුලානා සිදුකර ඇත්තේ බොරු ප්‍රකාශයක් බවත්, ඇත්ත වශයෙන්ම සිදුව තිබුනේ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමකදී තුවාල ලැබූ බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු වන රිල්වාන් සමඟ සම්බන්ධතා පවත්වා ඇත්තේ මවුලානා බවත්ය.
සහරාන් හෂීම්ගේ සහෝදරයා වූ රිල්වාන්ට පසුව ප්‍රතිකාර කළේ මවුලානාගේ සමීපතමයකු වූ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයකු වූ සෆ්රාස් විසිනි. සෆ්රාස් පසුව ජාත්‍යන්තර ඒජන්සියක සහාය ඇතිව රටින් පලා ගිය බවත් හෙතෙම පැවසීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් මවුලානා සමඟ සබඳතා පැවැත්වූ බව පිල්ලෙයාන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මවුලානා බෝම්බකරුවන් සමඟ සබඳතා පවත්වා ඇති බව ඉතා පැහැදිලි බවත්, “යුක්තිය මගහැර යුරෝපයේ රැකවරණය පැතීමට මවුලානා මුළු කතාවම විකෘති කර බොරු ගොතන ලදැයිද, රජය කඩිනම් පියවරක් ලෙස නොපමාව මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා නඩු පවරන ලෙස බලකරන බවත් පිල්ලෙයාන් එම පුවත් පත් සාකච්ඡාවට එක් වෙමින් තවදුරටත් කියා සිටියේය.
විනාශකාරී බෝම්බ ප්‍රහාර පිටුපස සිටි මහ මොළකරු සහරාන් හෂීම්ගේ සහෝදරයා සහ පියා පිළිවෙලින් සයිනී හෂීම් සහ මොහොමඩ් හෂීම් සමඟ සිරගතව සිටි කාලය ගැනද පිල්ලෙයාන් එහිදී පවසා තිබේ.
2019 අප්‍රේල් 21 වන දින සිදු වූ ප්රහාරයන්, පල්ලි සහ සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කර, පුද්ගලයන් 260 කට වැඩි පිරිසක් මිය ගොස් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මාරාන්තික ත්‍රස්තවාදී සිදුවීමක් වූ අතර, ඉස්ලාමීය අන්තවාදයේ තර්ජනය දැඩි අවධානයට ලක් විය.
සිරගතව සිටියදී සයිනී සමඟ ඔහු කළ අන්තර් ක්‍රියා ගැන ආවර්ජනය කරමින් පිල්ලෙයාන් පැවසුවේ, “මට ඔහු සමඟ කතා කිරීමට අවස්ථා කිහිපයක් ලැබුනත්, ඒ වන විටත්, ඔහු ප්රචණ්ඩ අන්තවාදී මතවාදයන් පුරවාගෙන සිටින බවට මම කිසි විටෙකත් සැක කලේ නෑ.” සෙසු රැඳවියන් බොහෝ විට සයිනීව “අයිඑස් නියෝජිතයා” ලෙස හඳුන්වමින් සමච්චල් කළ ආකාරය ගැනද ඔහු සිහිපත් කර තිබේ.
එයට ඔහු සිනහවකින් ප්‍රතිචාර දැක්වූවේය. කාන්තාවන් නැටුම් හා සංගීතයට සවන් දීම හෝ රූපවාහිනී වැඩසටහන් නැරඹීමට එරෙහිව ඔහු නිතර උපදෙස් දුන්නා.
ඒක අපිට විශාල කරදරයක් වූවත්, පසුව මෙතරම් බිහිසුණු ප්‍රහාරයකට ඔහු සම්බන්ධ වනු ඇතැයි මම කිසිදා නොසිතුවෙමි, යැයි පිල්ලෙයාන් ගාඩියන් පුවත් පත සමග පවසා තිබේ.
සයිනී තමාට ඉස්ලාම් දහම පිළිබඳ පොතක් ලබාදී එය කියවන ලෙස ඉල්ලා සිටි ආකාරය පිළිබඳ මතකයක් ද පිල්ලෙයාන් බෙදා ගත්තේය. “දියවැඩියාවෙන් පෙළුණු ඔහුගේ පියා ඔහුගේ දෛනික යාඥාවන් සිඳු කිරීම අපහසු වූ බැවින්. එම යඥාවන් සෙයින් විසින් සිඳුකල බවත් පිල්ලෙයාන් සඳහන් කළේය.
විශේෂයෙන්ම විදේශ සරණාගතභාවය පැතූ ඔහුගේ හිටපු මාධ්‍ය ලේකම් අසාද් මවුලානා විසින් එල්ල කරන ලද පුලුල් චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් පිල්ලෙයාන් ඒවා දේශපාලනික වශයෙන් කරනා මඩ ගැසීම් යැයි ප්‍රතික්ෂේප කළේය.
“මේ චෝදනා පදනම් විරහිතයි. මවුලානා මේ කතා ගොතනු ලැබුවේ සමාජයේ ඇතැම් කොටස් රැවටීමට සහ තම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමටයි.
සැබෑ වශයෙන් බෝම්බකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූයේ මවුලානා බවත් තමන්ට කවදාවත් එවැනි සම්බන්ධකම් නොතිබූ බවත් පිල්ලෙයාන් එහිදී අවධාරණය කර තිබේ.
පිල්ලෙයාන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් හොඳින් විමර්ශනය කරන ලෙසත් සයිනී සහ මොහොමඩ් හෂීම් සමඟ රඳවාගෙන සිටින අනෙකුත් රැඳවියන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වන ලෙසත්ය.
“සත්‍යය සොයන්නාට එය සම්බවේ. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම්, සිරගතව සිටින අයටත් ඔවුන්ගේ සාක්ෂි ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න,” යැයි ඔහු පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලනීකරණය වීම පිළිබඳව ද පිල්ලෙයාන් සිය කනස්සල්ල පළ කළ අතර, “සමාජයක් ලෙස අපට මෙම ඛේදවාචකයේ බරපතලකම තේරුම් ගැනීමට නොහැකි වී තිබේ. ඒ වෙනුවට එය පළිගැනීම් සඳහා දේශපාලන මෙවලමක් බවට පත් කර ඇත. මෙය බලවත් කණගාටුවක්” බවද ඔහු පැවසීය.
තම අතීතය දෙස ආපසු හැරී බලන විට පිල්ලෙයාන් කරුණා අම්මාන් සමඟ එල්ටීටීඊයෙන් ඉවත්වීම සහ දේශපාලන හේතූන් මත කරුණාගෙන් ඈත්වීම පිළිබඳව සාකච්ඡා කළේය.
ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් මම සර්වසම්පූර්ණ නොවෙන්න ඇති, නමුත් බොහෝ දෙනෙකුට නොහැකි වූ දේ මම ඉටු කළා. මම සෘජුව සහ වක්‍රව රැකියා උත්පාදනය කළාක් මෙන්ම කලාපයට ප්රතිලාභ ලබා දෙන යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ කල බවත් ඔහු පවසයි.
ඔහු යුද්ධය අතරතුර ඔහුගේ ක්‍රියාවන් ආරක්ෂා කරමින්, “ගැටුම් සමයේදී පැවති වාතාවරණය අනුව අප තීරණාත්මක පියවර ගැනීම අවශ්‍ය වුනා. දෙමළ කොටි තුරන් කිරීම එකල ප්‍රධානම අවශ්‍යතාවය වූ අතර, එය නිසි ලෙස ඉටුකල නිසා අපි දැන් අපි ඒකීය රටක් ලෙස සමරමින් ඉන්නවා.
අද අපි කිසිදු බාධාවකින් තොරව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වනවා. මේ තත්ත්වයට එන්න අපි එකට මහන්සි වුණා. කෙසේ වෙතත්, මම ඒ සඳහා කෘතඥතාව බලාපොරොත්තු වෙන්නේ නෑ. මම ඉල්ලා සිටින්නේ බොරු චෝදනා දේශපාලන පළිගැනීම් සඳහා යොදා නොගන්නා ලෙස පමණයි.
ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් අන්තවාදයේ නැගීම පිළිබඳව මීට වඩා වැඩි අවබෝධයක් අවශ්‍ය බවද පිල්ලෙයාන් අවධාරණය කළේය.
මෙම මතවාදයන් කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වන ආකාරය තේරුම් ගැනීමෙන් අපි ඉන්නේ අන්ත දුර්වල තත්වයක.
අප එම විෂයය පිළිබඳ හරවත් පර්යේෂණවල විශාල අඩුවක් තිබෙනවා. මා විසින්ම අධ්‍යයනය කර අන්තවාදය උත්සන්න වූ ආකාරයත් එය ඉදිරියේදී කොතරම් විනාශයක් හා තර්ජනයක් විය හැකිදැයි අවබෝධ කරගෙන සිටිනවා.
එහෙත්, අනාගතයේ එන එම තර්ජන සඳහා අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ වෙනුවට පදනම් විරහිත චෝදනා සමඟ බුද්ධි අංශ සහ වෙනත් අයට දොස් පැවරීමට යොමු වෙලා ඉන්නවා යැයිද පැවසීය.
අන්තවාදයට එරෙහිව සටන් කිරීමට සහ ජාතියේ ආරක්ෂාව තහවුරු කිරීමට වඩා හොඳ උපාය මාර්ග සකස් කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව, “පාස්කු ඉරිදා ප්‍රහාරය” නමින් ඔහු විසින් රචනා කරන ලද පොතක් උපුටා දක්වමින් පිල්ලෙයාන් අවධාරණය කර තිබේ.
“අනාගත ඛේදවාචක වැළැක්වීම සඳහා අපි දැන් ක්‍රියා කළ යුතුයි” යනුවෙන් ද ඔහු අනතුරු ඇඟවීය.