යාපනේ සරසවියේ උපාධි හා ඩිප්ලෝමා විභාග සමත් වූවන්ට වසර 3කින් සහතික ලබා දී නෑ

යාපනේ සරසවියේ උපාධි හා ඩිප්ලෝමා විභාග සමත් වූවන්ට වසර 3කින් සහතික ලබා දී නෑ

යාපනය විශ්ව විද්‍යාලයේ 2020 වසරේ සිට 2022 වසර දක්වා උපාධි හා ඩිප්ලෝමා පරීක්ෂණ වලින් සමත් වූවන්ට මෙතෙක් උපාධි සහතික හෝ වෙනත් ඩිප්ලෝමා සහතික ප්‍රදානය නොකිරීම නිසා විභාග වලින් සමත් වූවන්ට රැකියා ලබා ගැනීම දුෂ්කර වී ඇතැයි වාර්තාවේ.

උපාධි හා ඩිප්ලෝමා සහතික නොලද පිරිසක් මේ සම්බන්ධයෙන් යපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය දැනුම්වත් කොට ඇති අතර ඔවුන් පවසා ඇත්තේ මේ වන විට සහතික අහිමි වී සිටින පිරිස පන්දහසකට ආසන්න බවයි.

මීට පිළිතුරු වශයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය ප්‍රකාශ කොට ඇත්තේ උපාධි හා ඩිප්ලෝමා විභාග වලින් සමත්වූවන්ට සහතික ලබාදිමට සහතික මුද්‍රණ‍ය කර ගැනීමට හැකියාවක් නොමැති නිසා මේ තත්ත්වය උදා වී ඇති බවය.

සහතික අහිමි පිරිස කියා සිටින්නේ විදේශ ගත වීමට හා දේශීය රැකියා ලබා ගැනීමට මෙන්ම උසස් අධ්‍යාපනය ලැබීමට යාපනය විශ්ව විද්‍යාලයේ වලංගු සහතිකය එම ආයතන විසින් ඉල්ලා සිටින බැවින් සහතික නොමැතිව ඔවුන් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින බවයි.

 

Share This