බස් රථයකට යටවී පාසල් සිසුවියක් මරුට

බස් රථයකට යටවී පාසල් සිසුවියක් මරුට

ගම්පොළ – නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් 10 හැවිරිදි පාසල් සිසුවියක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, මල්ගොල්ල පටිතලාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.

එම සිසුවිය අද උදෑසන නව කුරුඳුවත්ත පොලිස් වසමේ උඩහේන්තැන්න ප්‍රදේශයේදී ඇය පැමිණි බස් රථයෙන් බැස එම බස් රථය ඉදිරිපිටින් මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේදී එම බස් රථයටම යටවී ඇති බවයි, පොලිසිය සදහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවිය නව කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නව කුරුඳුවත්ත පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.