පියා සහ දියණිය දුම්රියට බිලි

පියා සහ දියණිය දුම්රියට බිලි

යාපනය ඉනුවිල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක පිහිටි දුම්රිය හරස්මාර්ගයක් හරහා ධාවනය වූ වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් පියා සහ මාස 06 ක බිළිඳිය මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

අනුරාධපුර සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියකට මෙලෙස ඉනුවිල් දුම්රිය හරස්මාර්ගයකදී වෑන් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර වූ අවස්ථාවේදී ඒහි මුරකරුවෙකු නොසිටි බවටද ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.

අනතුරින් පසුව පියා සහ දියණිය ඒම ස්ථානයේම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ මව මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබයි.

Share This