පොහොට්ටුවේ ඉහළ පුටුවල වෙනසක්?

පොහොට්ටුවේ ඉහළ පුටුවල වෙනසක්?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට නියමිත බව වාර්තා වේ. ප්‍රතිසංවිධාන කටයුතු යටතේ නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට නියමිතය. එය දෙසැම්බර් 15වැනිදා සිදු කිරීමට නියමිත බවත් වාර්තා වේ.

ඒ අනුව, දැනට පවතින පක්ෂ ව්‍යස්ථාවේ යම් යම් වෙනස්කම් සිදු කිරීමට නියමිත බවත්, පක්ෂයේ සභාපතිත්වයේ වෙනසක් සිදු කිරීමට නියමිත බවත් වාර්තා විය.

පක්ෂයේ නායකත්වය, ලේකම් ධුරය හා ජාතික සංවිධායක ධුරය සඳහා ද අලුතින් පත් කිරීමට නියමිතය. පක්ෂයේ විධායක කමිටුවට ද නව සාමාජිකයන් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම පක්ෂයේ හිමිකාරිත්වය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගැනීමේ නීතිමය කටයුතු අවසන්ව ඇතැයි දැනගන්නට ඇත.

මෙතෙක් කාලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයට පැවතුනේ පක්ෂ නායකත්වය, ලේකම් ධුරය හා ජාතික සංවිධායක ධුරය පමණක් බැවින් සෙසු තනතුරු ද පොදුජන පෙරමුණට ගැනීමේ කටයුතු සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

Share This