විවේක ගන්නා දුම්රිය මගින්ගේ මුදල් පසුම්බි සොරාගත් අයෙක් අත්අඩංගුවට

විවේක ගන්නා දුම්රිය මගින්ගේ මුදල් පසුම්බි සොරාගත් අයෙක් අත්අඩංගුවට

රාත්‍රි තැපැල් දුම්රියෙන් පැමිණ හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවේ විවේක ගන්නා දුම්රිය මගින්ගේ මුදල් පසුම්බි සොරාගන්නා සැකකරුවකු සිය බාරයට ගත් බව හැටන් පොලීසිය කියයි.

හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවේ රාත්‍රි තැපැල් දුම්රියෙන් පැමිණෙන දුම්රිය මගින් බස් රථ පැමිණෙන තුරු විශ්‍රාම ශාලාව තුල විවේක ගන්නා අතර, එම මගින් විශ්‍රාම ශාලාවේ නිදා ගැනිමෙන් අනතුරුව සැකකරු මගින් සතු මුදල් පසුම්බි සොරාගෙන ඇති බව හැටන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරින් දැනට කරන ලද මුලික විමර්ෂණයේදි අනාවරණය වි ඇත.

අද (08) අලුයම විශ්‍රාම ශාලාවේ විවේක ගනිමින් සිටි මගියෙකුගේ මුදල් පසුම්බියක් සොරකම් කර පලායමින් සිටි සැකකරු අල්ලා පොලිසිය වෙත භාර දිමට එම මුදල් පසුම්බියේ අයිතිකරු කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, එම සැකකරුගේ මුදල් පසුම්බියේ ජාතික හැදුනුම්පත් කිහිපයක් , බැංකු කාඩ්පත් කිහිපයක් සහ කාන්තා ඡායාරුප කිහිපයක් තිබු බවයි හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු වෙනත් පොලිස් ස්ථාන වලට අවශ්‍ය පුද්ගලයෙකුද යන්න පිලිබදව විමර්ෂණය කර සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ විවිධ පැමිණි අංශයේ නිලධාරින් පැවසිය.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )