web hit counter
මත්පැන් නිෂ්පාදනයේදී වැරදි කරන අයට දඬුවම් දෙන්න නව නීති

මත්පැන් නිෂ්පාදනයේදී වැරදි කරන අයට දඬුවම් දෙන්න නව නීති

මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදි වලට සුළු දඩ අයකර සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම ක්‍රියාවලිය අහෝසි කිරීමට අලුතෙන් පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙසටද කමිටුව නියෝග කළේය.

මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ බරපතල වැරදි වලට උපරිම දඬුවම් පැමිණවීම සඳහා කටයුතු කරන ලෙසට උපදෙස් දුන් කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා චේතනාන්විතව වැරදි කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙසටද දැනුම් දුන්නේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවනු ලැබූහ. මෙම තොරතුරු අනාවරණයවූයේ එම රැස්වීමේදීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )