සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම නතර කෙරේ

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම නතර කෙරේ

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් තොග යොදාගැනීම තාවකාලිකව අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී තිබේ.

ඒ අනුව සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් තොග යොදාගැනීම අත්හිටුවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තවදුරටත් බලාත්මක වනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණදීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර මෙරට තුළ පවතින සහල් තොග ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර තිබේ.

Share This