සතොස ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

සතොස ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටුවී නොමැති වීමත් එම ආයතනයෙන් ආර්ථිකයට පලදායි අයුරින් දායකත්වයක් ලැබීමත් යන කරුණු සැලකිල්ලට ගෙන සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ.

ඒ අනුව, සතොස ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු ඉටු ඉටු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කර යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Share This