වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරයි

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරයි

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම්ව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

2024 වර්ෂය අවසානය දක්වා මෙම තීරණය බලාත්මක බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවයට අනුව අනෙකුත් විශේෂ අවස්ථා සඳහා ද වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

Share This