සා.පෙළ සිසුන්ට උත්තර කියාදුන් ගුරුවරයෙකු රාජකාරියෙන් ඉවතට

සා.පෙළ සිසුන්ට උත්තර කියාදුන් ගුරුවරයෙකු රාජකාරියෙන් ඉවතට

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසකට ප්‍රශ්න පත්‍ර සඳහා පිලිතුරු ලිවීමට ආධාර උපකාර කළ බව කියන පාසල් ගුරුවරයෙකු විභාග නිරීක්ෂණ රාජකාරියෙන් ඉවත් කළ බව උතුරු මැද විභාග අධ්‍යක්ෂ එස්.ආර්.ප්‍රියංකර මහතා අද (01) පැවසිය.

මෙසේ විභාග රාජකාරියෙන් ඉවත් කර ඇත්තේ, අනුරාධපුර, කරුක්කංකුලම විජයබා විදුහලේ විභාග නිරික්ෂණ රාජකාරියේ නිරතව සිටි පාසල් ගුරුවරයෙකි.

මෙම පාසල් ගුරුවරයා එම ප්‍රදේශයේ උපකාරක පංති පවත්වා ගෙන යන ගුරුවරයෙකි.

ඔහු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තම උපකාරක පංතියට පැමිණෙන සිසුන් පිරිසකට පිළිතුරු ලිවීම සදහා ආධාර උපකාර කරන බවට දෙමාපියන් විසින් අධ්‍යාපන බලධාරින්ට සිදුකළ පැමිණිල්ලක් මත විභාග රාජකාරි වලින් ඉවත් කළ බව විභාග අධ්‍යක්ෂකවරයා මෙහිදී පැවසිය.