සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද සිට

සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද සිට

චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අදාළ සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාතවරයා පැවසුවේය.

සිනොපෙක් සමාගම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (14) කොළඹදී සිදු කෙරුණි.

Share This