ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු රජය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු රජය අතර අවබෝධතා ගිවිසුමක්

පැරිස් සම්මුතියේ 06 වැනි වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං මහතා ද සහභාගී විය.

ජනධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත වනවා.

මෙම නිල සංචාරය අතර තුර ජනධිපතිවරයා සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් සහ එරට ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන් එන්ග් හෙන් හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා.

Share This