මහජන ආරක්ෂක ඇමතිගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

මහජන ආරක්ෂක ඇමතිගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

යම් අයෙකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්ත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් එවැනි ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු විසින් පසුගිය ඉරිදා දිනයේ ජනතාව ප්‍රකෝප කරනා ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව ඇති බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා එමගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවත්, රජය සහ නීතිය අපව ආරක්ෂා නොකරන්නේ නම් එය අපගේ අයිතියක් බවටත් එම මහජන නියෝජිතයා එදින කළ ප්‍රකාශ කර තිබූ බවයි.

එවැනි වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වතුකරය ඇතුළු සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටිමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

Share This