ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 51 ක්

ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 51 ක්

ජෝබාර් – සිංගප්පූරු ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ 2023 මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික ප්‍රවීන මලල ක්‍රීඩකයින් 20 දෙනෙකු එහිදී පදක්කම් 51 ක් දිනා ගෙන ඊයේ (29) රාත්‍රීයේ දිවයිනට පැමිණියේය.

මෙම තරගාවලිය පසුගිය 26 සහ 27 යන දින වල මැලේසියාවේ ජෝබාර් නුවර පවත්වාවා තිබුණි.

මෙහිදී රන් පදක්කම් 20 ක්, රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීන වෙළෙඳ සේවා මලල ක්‍රීඩා කණ්ඩායම සමත් වී තිබුණි.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකු රන් පදක්කම් 03 බැගින් දිනා ගැනීමට සමත් වී තිබුණි.

කොළඹ ජෝන් කීල්ස් ආයතනය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ දේශාන් බණ්ඩාරනායක යගුලිය, හෙල්ල සහ කවපෙත්ත විසි කිරීමේ ඉසව් වලින් රන් පදක්කම් 03 ක් දිනා ගෙන තිබුණි.

මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ නලින් කපිල මිටර් 100 , මීටර් 200 සහ මීටර් 400 තරග ඉසව් වලින් රන් පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම ජයග්‍රාහී ක්‍රීඩකයින් පිරිස 05/29 දින රාත්‍රී 06.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, බතික් එයා ගුවන් සේවයේ ඕ.ඩී.- 259 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )