web hit counter
බගවන්තලාව තේ වත්තක තුවාල සහිතව මියගිය දිවියෙකුගේ මල සිරුරක්

බගවන්තලාව තේ වත්තක තුවාල සහිතව මියගිය දිවියෙකුගේ මල සිරුරක්

තුවාල සහිතව අභිරහස් ලෙස මිය ගොස් සිටි කදුකර කොටියෙකුගේ සිරුරක් අද (13) දින හමු වු බව හැටන් පොලිසිය පැවසිය.

බගවන්තලාව වැවිලි සමාගමට අයත් ලෙදන්ටි වතු යායේ තේ වත්ත මැද පිහිටි ලදු කැලැවක අභිරහස් ලෙස මිය ගොස් සිටින කදුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතු යායේ කම්කරුවන් විසින් ලබා දුන් තොරතුරක් මත මල සිරුර සොයා ගත් බවයි හැටන් පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

සිරුර සම්බන්දයෙන් නල්ලතන්නිය වන ජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරිමට පියවර ගත් බව හැටන් පොලිසිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසිය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )