web hit counter
සහකාර ශාලාධිපති විභාග මධ්‍යස්ථානයේදී වරෙන්තු පිට අත්අඩංගුවට

සහකාර ශාලාධිපති විභාග මධ්‍යස්ථානයේදී වරෙන්තු පිට අත්අඩංගුවට

මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ සහකාර ශාලාධිපතිවරයෙකු ලෙස රාජකාරී කටයුතු කල ගුරුවරයකු, මුදල් වංචාවක් සම්බන්ධ නඩුවකට අදාලව, විවෘත වරෙන්තු ලබා සිටියදී, අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ප්‍රධාන පාසලක ඉගෙනීම් කටයුතු කරන, අනුරාධපුර නගරයේ පදිංචි , උසස් පෙළ විභාග සහකාර ශාලාධිපතිවරයෙකි.

තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා කිරීමට අදාල නඩුවක සැකකරුවකු වන මෙම ගුරුවරයා දිගින් දිගටම අධිකරණය මග හැරීම හේතුවෙන් විවෘත වරෙන්තු ලබා සිටි අයකු බවද පොලිසිය සඳහන් කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )