සීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ඇරඹෙයි

සීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ඇරඹෙයි

සීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ළඟාවිය.

මෙම ගුවන් ගමන සදහා එයාර් බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

එයා සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි.- 262 දරණ මෙම ගුවන් යානය අද අලුයම 04.00 ට සීෂෙල්ස් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානයෙන් මගීන් 110 දෙනෙක් සමග කාර්යය මණ්ඩලය 06 දෙනෙක් ද පැමිණ සිටියහ.

ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සූදානම් කර තිබුණි.

Share This