බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල, අකුරේගොඩ, රොබට් ගුණවර්ධන මාර්ගයේ අද (24) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි අයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

Share This