ඉලන්තඩිය මුහුදේ දී දිය වැලකට හසුවූ සීයා සහ මුනුපුරා දියේ ගිලී මරුට

ඉලන්තඩිය මුහුදේ දී දිය වැලකට හසුවූ සීයා සහ මුනුපුරා දියේ ගිලී මරුට

නොරෝච්චෝල ඉලන්තඩිය කසකැලේ මුහුදේ දිය නෑමට ගොස් දිය වැලකට හසුවූ සීයා හා මුනුපුරෙකු දියේ ගිලී මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ, මදුරන්කුලිය කරිකට්ටිය පදිංචි 60 හැවිරිදි මෙහොමඩ් සයිඩ් කච්චමොහොමදු හා ඔහුගේ මුනුපුරා වන 21 හැවිරිදි මෙහොමඩ් සහිර්කාන් නැමති තරුණයෙකි.

හජ්ජී වෙනුවෙන් සිය මුනුපුරන් හා පවුලේ උදවිය සමග ඉලන්තඩිය වෙරළට පැමිණි ඔවුන්ගේ සීයා මුණුපුරන්ගේ ආශාව ඉටු කිරීමට මුහුදේ නෑමට අවස්ථාව ලබා දී ඇති බව පැවසේ.

කෙසේ වෙතත්, මුනුපුරන් තිදෙනා එකවර දිය වැලකට හසුවී ගසා ගෙන යනු දුටු සීයා මුහුදට පැන පීනා මුනුපුරන් දෙදෙනෙකු ප්‍රදේශවාසින් සමග එක්වී බේරාගෙන ගොඩට ගෙන ඇති බවත් ඉන් පසුව දිය වැලකට හසුවු අනෙක් මුනුපුරා බේරා ගැනිමට යාමේදි සීයා හා එම මුනුපුරා දිය වැලකට හසුවී නොපෙනි ගොස් තිබු බව කියයි.

සිද්දියෙන් පසු සියාගේ සිරුර ප්‍රදේශවාසින් එක්වී ඉලන්තඩිය මුහුදේ තිබී සොයා ගෙන තිබුණි.

දිය වැලකට හසුව අතුරුදහන් වූ මුනුපුරාගේ සිරුර ආලංකුඩාව මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයින් දෙදෙනකු විසින් ගොඩට රැගෙන විත් තිබු බව කියයි.