රාමසාන් දිනය අදයි

රාමසාන් දිනය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (22) යෙදී තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඊයේ (21) රාත්‍රී සඳ දර්ශනය වීම හේතුවෙන් රාමසාන් උත්සවය සැමරීම අද සිදුකරන බවයි, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෆයිසාල් ආබ්දීන් මහතා පැවසුවේ.

ඉස්ලාම් බැතිමතුන් මසක කාලයක් උපවාසයේ නිතරවී අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ වැදගත්ම අවස්ථාවක් සේ සලකති.

මේ අතර ජාති ආගම් භේදයකින් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව මව්බිම සමෘද්ධිය කරා ගෙන යාමට අදිටන් කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අදට යෙදෙන රාමසාන් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ සාමයෙන් සහ සහෝදරත්වයෙන් සපිරි දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සමාජ ධර්මතා මනා පරමාදර්ශයක් බවය.

මේ අතර අද ආගමික වතාවත් පැවැත්වෙන ඉස්ලාම් පල්ලි හඳුනාගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Share This