කතරගම දේවාලයේ උණුසුම් තත්ත්වයක්

කතරගම දේවාලයේ උණුසුම් තත්ත්වයක්

කතරගම දේවාලයේ කපු මහත්වරුන් සහ බස්නායක නිලමේවරයා අතර සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ උණුසුම් තත්ත්වයක් පිලිබඳ දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වේ.

පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන ඇති අතර දේවාල භූමියේ ගිනි පෑගීමේ ස්ථානය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මීට හේතුව වී තිබේ.

එහිදී පිරිසක් බස්නායක නිළමේවරයාට පහරදීමට උත්සාහ කරන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙන අතර, සිද්ධිය සිදුවූ ස්ථානයේ විශාල පිරිසක් ද රැස්ව සිටින අයුරු එහි දැක්වේ.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් තත්ත්වය පාලනය කර ඇති බවයි වර්තා වෙන්නේ.

Share This