පළාත් 5කට අධික උණුසුමක්

පළාත් 5කට අධික උණුසුමක්

උතුරුමැද, වයඹ, බස්නහිර, සබරගමුව සහ දකුණු පළාත් වලට පවතින උණුසුම් කාලගුණ තත්වය අධික ලෙස බලපා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතර ගෙවුණු පැය විසි හතරක කාලය තුළ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.9 ක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.