කහදමෝදර දී පුද්ගලයෙකුට වෙඩි

කහදමෝදර දී පුද්ගලයෙකුට වෙඩි

රන්න කහදමෝදර ප්‍රදේශයේදී අද (6) පෙරවරු 10.45 ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

ඔහු බහුදින ධීවර යාත්‍රාවක ස්කිපර්වරයෙකු ලෙස රැකියාව කරන අයෙකු බව පොලිසිය පවසයි .

වෙඩි වැදුණු පුද්ගලයා බරපතල තත්ත්වයෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල කරු කහදමෝදර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .

සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ටී කටස් වර්ගයේ ගිණිඅවියකින් තුවාල කරුගේ හිසට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

පුද්ගලික ආරවුලක් නිසා වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සැකකරන බව පොලිසිය පවසයි.

හුංගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .