අලි සබ්රි රහීම්ගේ පාර්ලිමේන්තු සේවය මසකට අත්හිටුවයි

අලි සබ්රි රහීම්ගේ පාර්ලිමේන්තු සේවය මසකට අත්හිටුවයි

අද (06) දිනයේ සිට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය.

විදේශක සිට නීති විරෝධී ලෙස මෙරටට රත‍්‍රන් ගෙන ඒමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම අත්හිටුවීම සිදුකර තිබේ.