විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය තවදුරටත්

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය තවදුරටත්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

අද (29) අඛණ්ඩව 28වන දිනටත් එය ක්‍රියාත්මකයි.

කමිටු පත්කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බවයි, එහි සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ.

“අපි බලාපොරොත්තු වුණා වැඩවර්ජනයේ යෙදෙන පාර්ශවය විදියට වසර ගණනාවක් පුරා විශ්වවිද්‍යාල පද්ධතියේ ඇදෙන ගැටලුව සඳහා විසඳුම් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකට යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.

මේ සම්බන්ධයෙන් නිල පිළිතුරක් අපට තවමත් ලැබිලා නෑ. අපිට ආරංචි විදියට මේ සඳහා තවත් කමිටුවක් පත්කරපු බවක් තමා දැනගන්න ලැබෙන්නේ.

එම නිසා අපි ඉතා ඕනෑකමින් රජයට කියන්න ඕනේ, විශ්වවිද්‍යාල සේවකයින් මේ අරගලයට අවතීර්ණ වෙලා දින 27 තිස්සේ වැඩවර්ජනයක් කළේ තවත් කමිටුවක් පත්කරගන්න නෙමෙයි.

මේ කමිටු වාර්තා තුළින් මේ ඉල්ලීම් සාධාරණයි කියලා පිළිගෙන තියෙනවා. තවත් කමිටුවක් පත්කිරීම කාලය කා දැමීමක්.

රජය පාර්ශවයෙන් තවමත් අපිට පිළිතුරක් ලැබිලා ඒ නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති නායකයින් ඒකමතික තීරණයකට එළැඹිලා තියෙනවා.”